අලුත් පාසල් වාරය ළඟ ළඟම එනවා.
පාසල් උපකරණවල මිල, මේ වෙද්දි සියයට දෙතුන් සියයකින් ඉහළ ගිහින්.
මේ මිල ඉහළ යාම හේතුවෙන් ග්‍රාමීය දරුවන් පාසල් අධ්‍යාපනයෙන් ඈත් වීමේ අවධානමක් මතුව තිබෙනවා.
මිට පිළියමක් ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමූපකාර ආයතන රැසක් පාසල් දරුවන්ට අඩු මිලට පාසල් උපකරණ අලෙවි කරන්න තීරණය කළ පුවතත් අපට වාර්තා වුණා.



