වගා හානි වූ ගොවි ජනතාවට රුපියල් මිලියන 657ක්

Share

නියඟය, ගංවතුර හා වන අලි හේතුවෙන් 2021-22 මහ කන්නයේ දී වගා හානි වූ ගොවිජනතාවට රුපියල් මිලියන 657ක් මෙ වනවිට බෙදා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ඒ් අනුව අක්කර 42,934ක් සඳහා ගොවීන් 31,613කට මෙම වන්දි මුදල් ලබා දීමට පියවර ගෙන තිබේ.

වන්දි මුදල් ලබා දීමේදී අනුරාධපුර දිස්ත්‍රික්කයට වැඩි මුදලක් ලබා දී ඇති අතඅර එම ප්‍රමාණය රුපියල් මිලියන 81කි.

පොළොන්නරුව සහ මොණරාගල දිස්ත්‍රික්කයන්ට පිළිවෙළින් රුපියල් මිලියන 69ක් සහ 68ක් ලබා දී තිබේ.

මොණරාගල සේනා දළඹුවාගෙන් වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබා දීම සංකේතවත් කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර බුත්තල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පසුගියදා ගොවීන් දස දෙනෙකුට වගා හානි වන්දි මුදල් ප්‍රදානය කරනු ලැබීය.

Read more

Local News