ගොවි පවුල් ලක්ෂ 12 කට ආධාර

Share

ශ්‍රී ලංකාවේ ගොවි පවුල් ලක්ෂ 12 කට ආධාර ලබාදීම සඳහා ආසියා සංවර්ධන බැංකුව රුපියල් බිලියන අටක් ලබා දී තිබෙනව බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවා.

ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව ආසියානු සංවර්ධන බැංකුව මෙම මුදල ලබා දී තිබෙනවා.

ඒ අනුව හෙක්ටයාරයකට අඩුවෙන් වගා කරන සෑම පවුලකටම රුපියල් 10,000ක් සහ ඊට වැඩි හෙක්ටයාර ප්‍රමාණයක් වගා කරන පවුලකට රුපියල් 20,000 ක් වශයෙන් ලබන සතියේ සිට ගොවීන්ගේ ගිණුම්වලට මුදල් තැන්පත් කෙරෙන බව ජනාධිපති කාර්යාලය සඳහන් කළා.

Read more

Local News