මත්ද්‍රව්‍ය නිවාරණය ඇතුළු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වැටලීම සඳහා භාවිත කිරීමට රේගුව මගින් රාජසන්තක කරන ලද රථ වාහන ප්‍රදානය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත.
දැනට හම්බන්තොට වරාය පරිශ්‍රයේ ගාල් කර ඇති අදාළ රථ වාහන නිරීක්ෂණය සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ (20) එක් විය.
නීති විරෝධී ලෙස ආනයනය කිරීම හේතුවෙන් රාජසන්තක වූ ඇතැම් වාහන දිරා යමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත අදාළ වාහන සම්බන්ධයෙන් පවතින නීතිමය බාධාවන් ඉවත් කර භාවිත කිරීම මෙහි අරමුණ බව සියඹලාපිටිය එහිදී පැවැසීය.



