සෙල්ලම් බඩුවල සැඟව මෙරටට ආ මත්ද්‍රව්‍ය (ඡායාරූප)

Share

පසුගිය සති කිහිපය තුළදී විදෙස්රටවල් කිහිපයක සිට මෙරටට තැපැල් සේවය හරහා ආනයනය කරන ලද පාර්සල් කිහිපයක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් එම පාර්සල්, තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශය සහ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඉදිරිපිටදී පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගැනීමට සමත්ව ඇත.

අදාළ පාර්සල් තුළ තිබූ සෙල්ලම් බඩු තුළ මෙම මත්ද්‍රව්‍ය සූක්ෂම ලෙස සඟවා මෙරටට ආනයනය කර තිබුණි.

එහි වෙළෙඳපොළ වටිනාකම කෝටි 10කට ආසන්න බවයි තක්සේරු කර ඇත්තේ.

Read more

Local News