බිත්තරයක් රුපියල් 55ට

Share

පාරිභෝගික ජනතාවට රුපියල් 55ක මිලක් යටතේ මෙම මස අවසානයේ සිට බිත්තර ලබා දීමට කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාවය පල කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

අවම මිලක් යටතේ පාරිභෝගිකයින්හට බිත්තර ලබා දීම සඳහා අද (26) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ඇතුලු සංගම් කිහිපයක් සමග පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.

එහිදී බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මෙම කර්මාන්තකරුවන්ගේ දායකත්වය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලිමක් කර ඇත.

Read more

Local News