ළමා හා තරුණ කණ්ඩායම් කිහිපයකට ගුවන් යානා නඩත්තු අංශය නැරඹීට අවස්ථාව

Share

ළමා හා තරුණ කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශයේ ගුවන් යානා නඩත්තු අංශය නැරඹීට සහ ගුවන් යානයක ඇතුළත දැකගැනීම සඳහා අවස්ථාව ලබා දීමට ‘A Day with a Plane’ යනුවෙන් ව්‍යාපෘතියක් ගුවන් සමාගමේ ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් දියත් කර ඇත.

ඒ අනුව වල්පොල ශ්‍රී රතනසාර ප්‍රාථමික විද්‍යාලයේ, සීදූව වෘත්තීය පුහුණු ආයතනයේ සහ හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ සිසු දරු දැරියන් පසුගියදා ඒ සඳහා සහභාගී වූ අයුරු ඡායාරූපවලින් දැක්වේ.

Read more

Local News