දිස්ත්‍රික්ක 07ක අඩු ආදායම්ලාභී ගොවිපවුල්වලට දීමනාවක්

Share

අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ආධාර මත දිස්ත්‍රික්ක 07ක අඩු ආදායම්ලාභී වී වගා කරන ගොවි පවුල්සඳහා එක් පවුලකට රුපියල් 15,000ක දීමනාවක් ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය්‍යාංශය පවසයි.

ඒ අනුව මෙම දීමනාව යාපනය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය, වවුනියාව, මොණරාගල හා මඩකලපුව දිස්ත්‍රික්කවල වෙසෙන මාසික ආදායම රුපියල්41,500ට වඩා අඩු ගොවි පවුල් සඳහා ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සිදු කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම මුදල එම දිස්ත්‍රික්කවල අඩුආදායම්ලාභී ගොවි පවුල්වෙත ලබා දෙන ලෙස USAID ආයතනය උපදෙස් ලබා දී තිබේ.

මෙම මුදල වාරික දෙකක් යටතේ ලබන ජනවාරි මාසයේ දී ලබා දීමට කටයුතු කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්ඒ.එම්. එච්. එල්. අබේරත්න ප්‍රකාශ කළා.

Read more

Local News