මහවැලි ගඟ උතුර රක්ෂිතයේ වන විනාශයක්

Share

කන්තලේ සේරුවාවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහවැලි ගඟ උතුර රක්ෂිතයේ සිදුවන වන විනාශයක් පිළිබඳව පුවතක් අපට වාර්තා වුණා.

අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සිය දේශපාලන බලය යොදාගෙන මෙම වන විනාශය සිදු කරන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

කන්තලේ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දෙහිවත්ත ගම්මානයේ මහවැලි ගඟ උතුර රක්ෂිතයයි. මෙලෙස විනාශ වෙමින් පවතින බවට වාර්තා වන්නේ. එම රක්ෂිතයේ අක්කර තිහක් පමණ මේ වන විට හෙළි පෙහෙළි කර තිබෙනවා.

ගම්වාසීන් මේ පිළිබඳව සේරු නුවර පොලිසිය දැනුවත් කළත් ඔවුන් මේ පිළිබඳව සොයා බැලීමක්වත් සිදුකර නැහැ. ඉන් අනතුරුව යුධ හමුදා නිලධාරීන් දැනුවත් කිරීමට ගම්වාසීන් පියවර ගෙන තිබුණා.

යුධ හමුදා නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විට එහි සිටි පුද්ගලයින් පලාගොස් තිබෙනවා. මෙම වන විනාශය සඳහා යොදාගත් රථ හමුදා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

Read more

Local News