අලි මිනිස් ගැටුමෙන් පීඩා විඳින මැදවච්චියේ ජනතාව

Share

අලි මිනිස් ගැටුමෙන් දවසින් දවස අපේ රටේ ජනතාව පීඩා විඳිනවා. මැදවච්චිය ප්‍රදේශයේ මහදිවුල්වැව ගම්මානයට වන අලි රංචුවක් කඩා වැදිලා, දේපළවලට සහ වගාබිම් රැසකට හානි සිදුකරලා.

ගම්මානයේ ඉදිකර තිබූ ළමා හා මාතෘ සායන ගොඩනැගිල්ල විනාශ කර ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

දිගින් දිගටම වන අලින්ගෙන් තර්ජන එල්ල වන බවයි මේ ජනතාව පවසන්නේ.

අලි ප්‍රහාරවලින් මිනිස් ජීවිත දහයකට ආසන්න ප්‍රමාණයක් ගත වූ කාලසීමාවේ අහිමි වී ඇති බවද ගම්වාසීන් පවසනවා. මර නින්දේ කිසිවක් නෑසුනා සේ සිටින බලධාරීන්ට අවදි වෙන්න කියලා මේ ජනතාව ඉල්ලනවා.

Read more

Local News