මෙරට ගැබිණි මව්වරුන්, කිරි දෙන මව්වරුන්ට සහ අඩුබරැති ළදරුවන් සඳහා අවශ්‍ය ත්‍රිපෝෂ අඛණ්ඩව සැපයීමේ වැඩපිළිවෙල යටතේ South Asia Gateway Terminals Pvt Ltd. සමාගම හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අද (27) විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.
මේ යටතේ අදාළ සමාගම විසින් වසරක කාලයක් සඳහා ත්‍රිපෝෂවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම සිදු කෙරේ. මෙය එම ආයතනයෙන් පරිත්‍යාගයක් ලෙස ලබාදෙන අතර ඒ සඳහා රු.මිලියන 185 ක මුදලක් වැය කිරීමට අපේක්ෂා කර ඇත.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සිදු වූ අතර South Asia Gateway Terminals Pvt Ltd. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රොමේෂ් ඩේවිඩ් , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සහ ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න යන අය මේ සඳහා අත්සන් තබනු ලැබීය.



