පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැඳවීම එළඹෙන දෙදහස් විසිතුන වසරේ ජනවාරි පස්වනදාට පෙර සිදුකරන බව, මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති නිමල් පුංචිහේවා, සියත ප්රවෘත්ති අංශය වෙත ප්‍රකාශ කර සිටියේ, ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සම්පාදනය කර ඇති බවයි.
ඒ සඳහා වන ගැසට් නිවේදනය තේරීම්භාර නිලධාරීන් විසින් නිකුත් කරනු ඇති අතර මාර්තු මස දහවනදාට පෙර පළාත් පාලන ඡන්දය පැවැත්වෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වන සභිකයින්ගේ නම් මාර්තු මස විසි වනදාට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි සභාපති නිමල් පුංචිහේවා වැඩිදුරටත් සඳහන් කළේ.



