නව නාවික හමුදාධිපති වයිස් අද්මිරල් ප්‍රියන්ත පෙරේරා නාවික හමුදාධිපති ධූරයට පත්විමෙන් අනතුරුව, පළමු වරට ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ නිළ සංචාරයක නිරත වු අතර එහිදි නව නාවික හමුදාධිපතිතුමන් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ අතර නිළ හමුව අද දින (2022 දෙසැමිබර් මස 28 වන දින) ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදූවිය.
එහිදී නව නාවික හමුදාධිපතිතුමන්, ගුවන් හමුදා කොළඔ කදවුරු අණදෙන නිළධාරි එයාර් කොමොඩෝර් සුරේෂ් ප්‍රනාන්දු නිලධාරිතුමන් විසින් පිළිගත් අතර ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් නව නාවික හමුදාධිපතිතුමන් වෙත ගෞරව සමිමාන මුරයක්ද පිරිනමන ලදි.
අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් හා නව නාවික හමුදාධිපතුමන්ගේ නිළ හමුව සිදු වු අතර එහිදි නාවික හමුදාපති ධුරයට පත්විම පිළිබද නව නාවික හමුදාධිපතිතුමන් වෙත ගුවන් හමුදාධිපතිතුමන් විසින් සුභපැතුමි එක් කල අතර ඒකාබද්ධ සමුද්‍රිය නිරික්ෂණ මෙහෙයුමි, ගුවන් හා නාවික ඒකාබද්ධ පුහුණු අභ්‍යාස සිදු කිරිම පිළිබදව මෙහිදි සාකචිජා කරන ලදි.
දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිපත් විම පිණිස සමරු ඵලක හුමවාරු කරගත් අතර නාවික හමුදාධිපතිතුමන් විසින් සමරු සටහනක් තැබීමද සිදු විය.
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින් ද මෙම අවස්ථාවට සහභාගී විය.





