දෙදහස් විසිතුන වසරේදී මෙරට දිස්ත්‍රික් අටක පුරන් කුඹුරු දාහතර දහසක් යළි අස්වැද්දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ අනුව ඉදිරියේදී එම කුඹුරු රජයට පවරාගෙන වගා කිරීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා කෘෂිකර්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබුණා.
ඒ අනුව මාතලේ, නුවරඑළිය, වව්නියාව, කුරුණෑගල, මන්නාරම, පුත්තලම, බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්කවල පුරන් කුඹුරු වගා කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ සඳහා රජය මගින් රුපියල් මිලියන පන්සිය පනහක මුදලක් වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.



