ණය හිමියන්ට සහන සලසන ලෙස බැංකුවලට උපදෙස්

Share

වාණිජ බැංකුවලින් ලබාගෙන ඇති ණය යළි ගෙවීමේදී අපහසුතාවයන්ට පත්ව ඇති ණය හිමියන්ට සහන සලසන ලෙස අදාළ බැංකුවලට මහ බැංකුව විසින් උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් මාසික වේතන ලබන පිරිස් හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පීඩාවට පත්ව සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව අදාළ බැංකුවලින් ණය හිමියන්ට සහන සැලසීමක් සිදු නොකරන්නේ නම් ඒ සඳහා මහ බැංකුවෙන් සෘජුව ඉල්ලීම් කළ හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News