රුපියල් 55ට බිත්තර අලෙවි කිරීමේ වැඩසටහන අදත්

Share

රුපියල් 55 කට බිත්තර අලෙවි කිරීම අද (30) දිනයේ කොළඹ, මහනුවර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් සිදුකරන බව බිත්තර සංගම් පවසනවා.

මෙම වැඩසටහන පසුගිය 28 වනදා කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ අනුව අද දිනයේ කොළඹ, මහනුවර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි එම සංගම් වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News