ආනයන – අපනයන පහසු කිරීම හා විධිමත් කිරීම අරමුණු කරගෙන, නව භාණ්ඩ වර්ග 142ක් සඳහා ජනවාරි 01 සිට රේගු සංකේතාංක (HS Codes) හඳුන්වා දී තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.



