වාහන අංක තහඩුවේ වෙනසක්

Share

ජනවාරි 01 සිට නිකුත් කරන වාහන අංක තහඩුවල මෙතෙක් පැවති පළාත් අක්ෂරය ඉවත් කෙරෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

ඒ අනුව, මහජනයාට ප්‍රදර්ශනීය වන ආකාරයට සෑම මෝටර් රථයකම තිබෙන වාහන අංක තහඩුවේ මින් පසු කුමන පළාතේ වහනයක් ද යන්න සඳහන් නොවන බව හෙතෙම සඳහන් කළේය.

දැනට නිකුත් කර තිබෙන අංක තහඩුවල තිබෙන පළාත් අක්ෂරය තිබීම පිළිබඳව ගැටළුවක් නොමැති නමුත් නිකුත් කර තිබෙන වාහනය වෙනත් පළාතකට අලෙවි කළහොත් ඊට පසු නිකුත් කරන නව තහඩුවේ පළාත සඳහන් නොකෙරෙන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කරන ලදී.

කෙසේවුවද, එක් වහනයක් පළාත් කිහිපයකට මාරු වන විට ඒ ඒ පළාතට අදාළව අංක තහඩුවක් මොටර්ර්ථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නිකුත් කිරීමට සිදු වෙන බවත්, නමුත් ඇතැම් මොටර්රථ වාහන හිමියන් මෙම අංක තහඩුව ලබා නොගැනීම නිසා මේ වන විට නිකුත් කරන ලැබූ මෝටර් රථ අංක තහඩු 50,000 ක් පමණ පරිසරයට හානිකර අන්දමින් දෙපාර්තමේන්තුවේ එක්රැස් ව තිබෙන බවත්, මෙම තත්ත්වය වැළක්වීම සඳහා මෙන්ම අංක තහඩු මුද්‍රණයට යන වියදම විශාල ප්‍රමාණයකින් අවම කර ගැනීම උදෙසාත් මෙම තීරණය ගැනීමට ප්‍රධාන හේතුව වූ බවත් හෙතෙම අවධාරණය කළේය.

Read more

Local News