ඕමාන් සුරක්ෂා නිවාසයේ රැඳී සිටි කාන්තාවන් ගෙන්වීම ඇරඹේ

Share

ජනමාධ්‍ය මගින් පසුගිය දිනවල වැඩිවශයෙන් කතාබහට ලක් වූ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පවතින සේවිකා සුරක්ෂා නේවාසිකාගාරයේ රැඳී සිටි කාන්තාවන් මුහුණ පා ඇති ගැටළු සහගත තත්ත්වය නිරාකරණය කරමින් ශ්‍රී ලාංකිකයින් වශයෙන් ඔවුන් නැවත මෙරටට ගෙන්වීමේ කටයුතු කාර්යාංශය විසින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව 2022.12.24 දින පළමු කණ්ඩායම වශයෙන් 8 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඕමාන් සලාම් ගුවන් යානය මගින් මෙරටට පැමිණි අතර තවත් කාන්තාවන් 6 දෙනෙකු දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

මෙයට අමතරව තානාපති කාර්යාලය මගින් කාර්යාංශයේ නීත්‍යානුකූලව ලියාපදිංචිය නොගත් සංචාරක වීසා මගින් ඕමානයේ රැකියා සඳහා ගොස් අතරමංව සිටි 18 දෙනෙකු ඔවුන්ගේ සේවාස්ථානයෙන් පැනයාම හේතුවෙන් එරට කම්කරු අමාත්‍යාංශය මගින් අසාධුලේඛනයට ඔවුන්ගේ නම් ඇතුලත් කර ඇති අතර, අදාල හාම්පුතුන්ගේ අවසරය මත ඔවුන් මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින අතර, නීතිවිරෝධී ලෙස එරට රැඳී සිටින පිරිසක් වශයෙන් ඔවුන් මෙරටට පැමිණීම සඳහා ගුවන් ටිකට්පත් සැපයීම ඔවුන්ගේ පවුලේ ඥාතීන් විසින් සැලසිය යුතුව ඇත.

Read more

Local News