වයස අවුරුදු හැට ඉක්මවූ ගුරුවරුන් විශ්‍රාම ගැන්වීම හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැඩි අර්බුද මතුව ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළා.
මීට පෙර වසරකට ගුරුවරුන් 4,000ක් පමණ විශ්‍රාම ගිය ද වයස අවුරුදු 60න් රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීම සඳහා රජය ගත් තීරණය හේතුවෙන් මෙම වසරේදී ගුරුවරුන් 10,000 ත් 12,000ත් අතර පිරිසක් විශ්‍රාම ගොස් ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එම පුරප්පාඩු ඉදිරි මාස 03 තුළ සම්පූර්ණ කිරීම අනිවාර්යය වන අතර ඊට අදාළව ගතයුතු තීරණය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට ද පියවර ගත් බව සුසිල් ප්‍රේමජයන්ත් පැවසීය.



