ගුවන් හමුදා කෆීර් ප‍්‍රහාරක ජෙට් යානා බලඝණය 27 වන සංවත්සරය සමරයි

Share

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංක 10 කෆීර් ප‍්‍රහාරක ජෙට් යානා බලඝණය 2023 ජනවාරි මස 05 දින සිය 27 වෙනි සංවත්සරය ඉතා අභිමානවත් අයුරින් සමරනු ලබයි.

වැලිකතරේ සිංහයා, නමින් විරුදාවලිය ලත් කෆීර් ප‍්‍රහාරක ජෙට් යානාවන්ගෙන් සමන්විත මෙම බලඝණය 1996 වසරේ ජනවාරි මස 05 වන දින ඊශ‍්‍රායලයේ නිශ්පාදිත කෆීර් ප‍්‍රහාරක ජෙට් යානාවන් 06 කින් සහ වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණද ඇතුළුව ගුවන් නියමුවන් 04 දෙනෙකුගෙන් ද ඉංජිනේරු නිළධාරීන් 04 දෙනෙකු හා කාර්මික ශිල්පීන් 70 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණඩලයකින් ආරම්භ කරන ලදී.

මෙම බලඝණය සදහා 2000 වර්ෂයේදී කෆීර් ප‍්‍රහාරක ජෙට් යානාවන් 09ක් අලුතින් එකතුවීමත් සමග බළඝනය තවත් ශක්තිමත් වු අතර වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මෙම බලඝණයේ ගුවන් නියමුවකු, ගුවන් නියමු උපදේශකයකු මෙන්ම අණදෙන නිළධාරීවරයා වශයෙන්ද කටයුතු කොට ඇත.

මෙම බලඝණය ආරම්භ වූ 1996 වසරේ සිටම මාතෘභූමියෙන් ත‍්‍රස්තවාදය තුරන් කරලීම උදෙසා සහෝදර හමුදාවන්ගේ චිත්ත ධෛර්යය වඩවමින් යුධ භූමියේ මහඟු කාර්යභාරයක් ඉටුකරන ලද බලඝණයක් වන අතර 1996 වසරේ සිට ගුවන් හමුදා සක‍්‍රීය සේවයට එක් වූ මෙම කෆීර් ප‍්‍රහාරක ජෙට් යානාවන් 2006 වසරේ ආරම්භ වූ අවසන් මානුෂීය මෙහෙයුමට අඛන්ඩ වූ සේවයක් ලබාදෙමින් සිය වගකීම මාතෘභූමිය වෙනුවෙන් ඉටුකරලීමට ඇප කැප වි ක‍්‍රියාකරනු ලැබු අතර කෆීර් ප‍්‍රහාරක ජෙට් යානාවන් විසින් ඉතා සියුම් භූමිගත ත‍්‍රස්ථවාදී ඉලක්කයන් වෙත මෙන්ම භූමියේ හා සයුරේ ත‍්‍රස්ථවාදී ඉලක්කයන් වෙත ද අති සාර්ථක අන්දමින් ප‍්‍රහාර එල්ල කිරීමේ සුවිශේෂී හැකියාවෙන් උපරිම ඵල නෙලා ගනිමින් මාතෘභූමියෙන් ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමිම සදහා ගුවන් මෙහෙයුමි රාශියක් සිදු කරනු ලැබිය.

අංක 10 කෆීර් ප‍්‍රහාරක ජෙට් යානා බලඝණයේ ගුවන් හා ගොඩබිම් කාර්ය මණ්ඩලයේ කැපවීම මත කෆීර් ප‍්‍රහාරක ජෙට් යානාවන් 1996 වසරේ සිට 2009 වසර දක්වා ප‍්‍රහාරක මෙහෙයුම් 2500 කට අධික ප‍්‍රමාණයක් සිදුකොට ඇති අතර අනාගතයේදී ද කිසිඳු කලාපීය ගුවන් හමුදාවකට නොදෙවෙනි හැකියාවන් සහිතව හා උසස් පුහුණුවලත් සාමාජික පිරිස් සමගින් දේශයේ ආරක්ෂාව සුරැකීම වෙනුවෙන් නිරතුරුව සුදානමින්ව සිටි.

Read more

Local News