පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය අයදුම් කිරීම අද සිට ආරම්භ වුණා.
එය ලබන විසිතුන් වනදා මධ්‍යම රාත්‍රී දොළහෙන් අවසන් වන බවයි මැතිවරණ සභාව නිවේදනය කළේ.
ඒ අනුව අදාළ දිනය කිසිසේත් දීර්ඝ නොකරන බව ද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ තැපැල් ඡන්ද ඉල්ලුම්පත් භාර ගැනීම, තැපැල් කාර්යාල හයසිය පනස් තුනකින් හා උප තැපැල් කාර්යාල තුන්දහස් හාරසිය දහයකින් සිදු කරන බවයි.



