උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වෙයි

Share

මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගයේ සිදු කරන මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ, ඉන්දීය IRCON සමාගම මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ උදෙසා සිදුකෙරෙන ආයෝජනයෙහි වටිනාකම ඇ. ඩොලර් මිලියන 91.27කි. මෙහි අනුරාධපුර සිට වව්නියාව දක්වා කි. මී.48ක කොටසක් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර මීළඟ අදියර ලෙස වව්නියාව සිට ඕමන්ත දක්වා කි. මී.13ක කොටසක් ප්‍රතිසංස්කරණය කෙරේ.

ව්‍යාපෘති අවසන් කිරීමෙන් අනතුරුව පැයට කිලෝ මීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි වන අතර, කොළඹ සිට යාපනය කන්කසන්තුරේ දක්වා දැනට දුම්රිය මගින් ගමන් කිරීමට ගතවන කාලය පැයකින් අවම කරගත හැකි වන බවයි සඳහන් වන්නේ.

Read more

Local News