ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කරන ලෙසට, මහ බැංකු අධිපති චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලයි

Share

ණය කපා හැරීමට කඩිනමින් එකඟ වන ලෙස චීනයෙන් හා ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීම සඳහා අදාළ එකඟතාවය අවශ්‍ය බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ.

BBC මාධ්‍ය සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

චීනය හා ඉන්දියාව ගන්නා ඉක්මන් ක්‍රියාමාර්ග තුලින් සියලු දෙනාටම යහපතක් වනු ඇති බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.

දෙදහස් විසිදෙක වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සීයට නවයයි දශම දෙකකින් පහත වැටුණු අතර එය මේ වසරේ සියයට හතරයි දශම දෙකකින් තවත් පහත වැටෙනු ඇති බවටයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

Read more

Local News