ප්‍රංශයේ දී පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරඟයේ කුසලානය ශ්‍රී ලංකාවේදී ප්‍රදර්ශණය කිරීමේ සමාරම්භක උත්සවය කොළඹ තුරඟ තරඟ පිටියේදී (18) දින ආරම්භ විය.
ඒ අනුව (18) සිට ලබන 23 වනදා දක්වා දින 5ක් පුරාවට ලෝක කුසලානය මෙරට ස්ථාන කිහිපයකදී ලෝක කුසලානය මෙරට ක්‍රීඩාලෝලීන් සඳහා ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇත.
2023 රග්බි ලෝක කුසලාන තරඟාවලිය මෙවර සැප්තැම්බර් මස 08 වනදා සිට ඔක්තෝබර් මස 28 වනදා ප්‍රංශයේදී පැවැත්වීමට නියමිතයි. අවසන් මහා තරඟය ඔක්තෝබර් මස 28 වනදා ප්‍රංශයේ පැවැත්වීමට නියමිතයි.