ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සල (CISM) දින ධාවනයේ සංවිධාන දායකත්වය මෙවර ගුවන් හමුදාවෙන්

Share

මෙම වසරේ ඡාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සල දින ධාවනය වර්ථමාන ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සලයේ ප‍්‍රධානි ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් මත මෙවර ගුවන් හමුදාවේ සංවිධාන ශක්තියෙන් 2023 පෙබරවාරි මස 18 වන සෙනසුරාදා දින ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කොළඔ කදවුරු රයිෆල් ග‍්‍රීන් ක්‍රීඩාංගනය ඉදිරි පිටින් උදැසන 0620 පැයට පමණ ආරමිභ කෙරිණි.

මෙම ධාවනය සදහා ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සල (CISM) වෙරළ වොලිබෝල් තරගාවලිය වෙනුවෙන් මේ වන විට මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලයේ මහ ලේකම් මෙන්ම ඉතාලි නාවික හමුදාවේ කපිතාන් රොබර්ටෝ රෙචියා Roberto Recchia සහභාගී වී සිටි අතර ඊට අමතරව ආරක්ෂක ලේකම් (විශ‍්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඡෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදාපති ලෙෆ්ටිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප‍්‍රියන්ත පෙරේරා සහ ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාෂල් උදේනි රාජපක්ෂ යන අයද සහභාගි වී ඇත. මෙම ධාවනයහි සමිපුර්ණ දුර කිලෝමිටර් 2.5 කි.

ක‍්‍රිඩාව තුලින් මිත‍්‍රත්වය යන්න තේමා පාඨය කරගත් ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලය 1948 වසරේ පෙබරවාරි 18 වන දින ආරම්භ කර ඇති අතර මේ වන විට එය ලෝකයේ විශාලතම බහුවිධ සංවිධානයක් ලෙස හැදින්විය හැක.

මෙම සංවිධානයේ මහලේකම් කාර්යාලය බෙල්ජියෙමි අගනගරය වන බ‍්‍රසල්ස් හි පිහිටා ඇත. මෙම මහලේකමි කාර්යාලයේ කළමනාකාරීත්වය යටතේ රටවල් 133 ක සන්නද්ධ හමුදාවන් සාමාජිකත්වය දරණ අතර විවිධ වූ ක්‍රීඩා අවස්ථාවන් සංවිධානය කිරීම මෙමගින් සිදු කරයි. පෙර අවස්ථාවන්වලදී සටන් බිමේ හමුවූ ඔවුන් මෙම සංවිධානය යටතේ මිත‍්‍රත්වයෙන් ක්‍රීඩා පිටියේදී එකිනෙකා හමුවිම සිදු වේ.

Read more

Local News