කිඹුලාවල ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට පවත්වාගෙන ගිය වීථි ආහාර අලෙවිසැල් මේ මස 24 වනදා වනවිට එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දී තිබෙනවා.
එම ස්ථානයේ වෙළඳසැල් 33 ක් පමණ පවතින අතර, ඒ හරහා පවුල් 150කට වැඩි පිරිසක් එය සිය ජීවනෝපාය කරගෙන තිබෙනවා.
කොවිඩ් වසංගතය හේතුවෙන් සිය රැකියා අහිමිවීම හේතුවෙන් කිඹුලාවල ප්‍රදේශයේ තමන් ව්‍යාපාර කටයුතු ආරම්භ කළ බවයි වෙළඳුන් කියා සිටියේ.