නාරංගල අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරයි

Share

බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රදේශයට මායිම් වී ඇති නාරංගල කඳු පන්තිය ආශ්‍රිත ප්‍රදේශය නාරංගල අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් වනජීවී වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවී ඇති බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

Read more

Local News