අදානි සමාගමට මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ඉදිකිරීමට අනුමැතිය

Share

ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගමක් වන අදානි සමාගමට මෙරට මන්නාරම සහ පුනරීන් යන ප්‍රදේශවල සුළං විදුලි බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඊයේ හිමිව තිබෙනවා.

ඒ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී.

ඩොලර් මිලියන 442 ක ආයෝජනයකින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතයි.

මන්නාරම සුළං විදුලි බලාගාරයෙන් උත්පාදනය කරනු ලබන මෙගාවොට් ප්‍රමාණය දෙසිය පනහක් වන අතර, පූනරින් සුළං විදුලි බලාගාරයෙන් මෙගාවොට් සීයක් පමණ උත්පාදනය කිරීමටයි, මෙමගින් අපේක්ෂා කරන්නේ.

ඒ අනුව උත්පාදනය කිරීමට බලාපොරොත්තු වන මුළු මෙගාවොට් ප්‍රමාණය, මෙගාවොට් තුන්සිය පනහක්. මෙම ව්‍යාපෘතිය ගිවිසුම්ගත දින සිට වසර දෙකක් තුළදී, මෙගාවොට් තුන්සිය පනහක්, ජාතික විදුලිබල පද්ධතියට නිකුත් අපේක්ෂා කරනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ රැකියා අවස්ථා දෙදහසක් පමණ ශ්‍රී ලාංකිකයින්ට හිමිවන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Read more

Local News