කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්කරුවන් 85000 ක්

Share

දකුණු කොරියානු රාජ්‍යයේ නිශ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් තෝරා ගැනීම සඳහා 2023 වසරේ පැවැත්වීමට නියමිත 7 වන කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85072ක පිරිසක් අයදුම් කර ඇති බවයි වර්ත් වන්නේ.

කොරියානු භාෂා පරීක්ෂණය සඳහා මෙතෙක් වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති අවස්ථාව මෙයයි.

පසුගිය වසරේදී කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට ඉදිරිපත් වී ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව 31378ක් පමණ වන අතර ඊට සාපේක්ෂව මෙවර විභාගය සඳහා ඉතා ඉහල සංඛ්‍යාවක තරුණ තරුණියන් පිරිසක් අයදුම්කර ඇත.

මෙම ලියාපදිංචිය 2023.02.13 දින සිට 2023.02 23 දින දක්වා කාලය තුලදී මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන ලදි.

Read more

Local News