මානව හිමිකම් කොමිසමෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට සිතාසි

Share

රට තුළ පවතින ඖෂධ හිඟය හා ඖෂධ මිල ඉහළ යාම, මානව හිමිකම් කඩවීමක් ලෙස සලකා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, සෞඛ්‍ය අමාත්‍යංශයට සිතාසි නිකුත් කර තිබෙනවා.

එසේ සිතාසි නිකුත් කර ඇත්තේ, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ, වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, වෛද්‍ය චමල් සංජීව ඉදිරිපත් කරන ලද පෙත්සමකට අනුවයි.

එහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඖෂධ නියාමන අධිකාරිය නම් කර තිබෙනවා.

මේ වන විට රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ එකසිය පනහක පමණ හිඟයක් පවතිනවා.

වෛද්‍ය උපකරණ රැසකද හිඟයක් නිර්මාණය වී අවසන්. පවතින ගැටලුකාරී තත්වයත් සමඟ සෞඛ්‍ය අමාත්‍යවරයා ශල්‍යකර්ම පමණක් සිදු කිරීමට උපදෙස් ලබා දුන්නා.

මේ අතර මෙරට ලියාපදිංචි නොකළ ඖෂධ වර්ග රැසක් රටට ගෙන්වා ඇති බවටද මේ වන විට සෞඛ්‍ය අමාත් යාංශයට චෝදනා එල්ල වනවා. එවන් තත්වයක් තුළ ඖෂධ ප් රශ්නයෙන් බැට කන ජනතාව දැක්වූයේ මෙවන් අදහසක්.

Read more

Local News