පළාත් පාලන මැතිවරණය කල් යාම හේතුවෙන් පිඩාවට පත් රාජ්‍ය සේවයේ නිරතව සිටි මැතිවරණ අපේක්ෂකයින්ට සිය වැටුප් ලබා දීම පිළිබඳව අද පාර්ලිමේන්තුවේ වාද විවාද ඇති වුණා.
අනන්තයට යන මැතිවරණ දිනය නිසා අනිවාර්යෙන්ම ඔවුන්ට වැටුප් හිමිවිය යුතු බවයි පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් සඳහන් කලේ.
මේ පිළිබඳව නීතිපතිවරයාගෙන් කරුණු විමසා කඩිනමින් පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ප්‍රකාශ කළේ.