ලිස්ටීරියෝසිස් වසංගත තත්වයක් රට තුළ නැති බවත්, ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර ගත යුතු නැති බවත්, සෞඛ්‍ය අමාත්‍යංශය, වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ශ්‍රී පාදය ආශ්‍රිතව වෙළඳසැලක රැකියාවක නිරත වූ මැදි වයසේ කාන්තාවක් මෙම රෝගයේ සංකූලතා හේතුවෙන් මරණයට පත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනුයි ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
එසේ ම මෙම කාලසීමාව තුළදීම ශ්‍රී පාදය වන්දනා කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්වීමත් සමඟ මේ සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහට ලක්වුණා.
කෙසේ වුවද එම පුද්ගලයින් දෙදෙනාගේම මරණවලට හේතුව රෝගය බවට මෙතෙක් තහවුරු කරගෙන නැහැ.
ලිස්ටීරියෝසිස් යනු මොනසයිටජින් නම් බැක්ටීරියාව නිසා ඇතිවන ආහාර මගින් බෝවන රෝගයක්.
මෙය බහුල ලෙස ඇතිවන්නේ නිසි ලෙස සකස් නොකරන ලද මස්, අමු කිරි හෝ පැස්ටරීකරණය කළේ නැති කිරි මගින් නිපදවන ලද යෝගට්, අයිස් ක්‍රීම් වැනි නිෂ්පාදන ආහාරයට ගැනීමෙනුයි.
ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් මෙම රෝගයට වැඩි වශයෙන් ගොදුරු වන අතර ගර්භනී කාන්තාවන් සහ වයස අවුරුදු හැට පහට වැඩි පුද්ගලයින් ඊට ඇතුළත්.
කෙසේ වෙතත් මේ පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශය විමර්ශනය කරමින් පවතින බවත් ක්ෂේත්‍ර මට්ටමින් ආහාර සාම්පල සහ ජල මූලාශ්‍රවලින් සාම්පල ලබාගෙන පර්යේෂණ සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.