ලංකාවෙ අද වෙද්දි හැමෝම කතාවෙන මාතෘකාවක් තමයි දුම්රිය අනතුරු කියන්නෙ. පසුගිය දිනක කොග්ගල ප්‍රදේශයේ සිදු වුණු දුම්රිය අනතුරත් එක්ක මේ මාතෘකාව ආපහු කරලියට ඇවිත් තියෙනවා.
ඇත්තටම මේ රට වටේම සිද්දවෙන දුම්රිය අනතුරුවලට වගකීම ගන්න ඕන කවුද? දුම්රිය රියදුරුද? නැත්නම් මේ අනතුරුවලට ලක් වෙන අයද?
දුම්රියක් කියලා කියන්නෙ මහ යකඩ ගොඩක්. වෙනත් වාහන වගේ ඒක එකපාර නවත්තගන්න කාටවත් බෑ කියන එක අපි හැමෝම මුලින්ම දැනගන්න ඕන.
අන්න ඒ දේ විතරක් මිනිස්සු තමන්ගෙ ඔලුවට දාගත්තනම් මේ ගොඩක් අනතුරු නැතිවෙන්න තිබුන කියලා හිතෙනව.
ෆෝන් එක, හෑන්ඩ්ෆ්‍රී එක භාවිත කරමින් ඇවිදින්න කලින්, වාහනේ ගෙනත් රේල්පාර මැද නවත්තල දෙපැත්‍ත බලන්න පුරුදු වෙන්න කලින් ඒ යකඩ ගොඩට හිතක් පපුවක් නෑ කියන එක මතක් කර ගන්න.
එහෙම නැත්නම් මේක කියවන ඔයාගෙ ජීවිතෙත් ඒ යකඩ ගොඩට යටවෙන එක නවත්තන්න බැරිවෙයි.
සඳුන් නිර්මාන්