අප්‍රේල් මාසයේ සිට ගුරුවරු 33,000කට පත්වීම්

Share

එළඹෙන අප්‍රේල් මාසයේ සිට ගුරුවරු 33,000ක් පාසල් පද්ධතියට එක් කර ගැනීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් පාර්ලිමේන්තුවේ දී අද (22) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ විද්‍යපීඨ ගුරුවරුන්ගේ ප්‍රතිඵල එළඹෙන මාර්තු 30 වන විට නිකුත් කරන බවයි. ඒ අනුව එම ගුරුවරු 7500 දෙනා පළාත් පාසල්වල ගුරු හිගය අවම කිරීම සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට රාජ්‍ය සේවයේ නියුතු අභ්‍යාසලාභීන් ගුරු සේවයට එක් කර ගැනීම සඳහා පැවැත්වෙන ගුරු විභාගය එළඹෙන මාර්තු 25 දින පැවැත් වේ. එම විභාගය සඳහා අයදුම්කරුවන් 53,000ක් අයදුම් කර ඇති අතර ඒ අතරින් උපාධිධාරින් 26,000ට ගුරු පත්වීමට සැළසුම් කර තිබේ. ඒ අනුව මෙම ගුරුවරු 33,000 ලබන අප්‍රේල් සිට පාසල් පද්ධතියට එක්කර ගැනීමට සැළසුම් කර තිබෙනවා.

Read more

Local News