අද ලෝක ජල දිනයයි

Share

1992 දී පළමුවරට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ජල දිනය සමරනු ලැබුවා.

මෙවර එහි තේමාව වනුයේ වෙනස වේගවත් කිරීමයි.

ජලය හා සනීපාරක්ෂක පද්ධතිය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත, පරිසර පද්ධති සහ දේශගුණික විපර්යාසවල අනුවර්තනය උදෙසා වූ භූගත ජලයේ ඇති වැදගත්කම සහ කාර්යභාරය පෙන්වා දෙයි.

පෘථිවි පෘෂ්ඨයෙන් 71%කට වැඩි ප්‍රමාණයක් වසා ගෙන පවතින ජලය ප්‍රතිශතයක් ලෙස ගත් විට එයින් මිනිසාට ප්‍රයෝජනයට ගන්නට හැකි ප්‍රමාණය සියයට දශම ගණනක් තරම් පහළ අගයක් ගන්නා බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි.

සාගර සහ මුහුදු තුළ 97%කට වැඩි ප්‍රමාණයක් කරදිය ලෙස තැන්පත් වී ඇති ජලය ග්ලැසියර හා අයිස් වැස්මක් ලෙස සියයට 2.58 ක් පමණ ප්‍රමාණයක් ඝන අවස්ථාවේ පවතී. ගංගා විල් පොකුණු ආදියෙහි ඇත්තේ 0.6% ක් තරම් ඉතා කුඩා ජල ප්‍රතිශතයකි. මිනිසාට ප්‍රයෝජනයට ගන්නට හැකියාව තිබෙන්නේ ඒ අඩු ප්‍රතිශතයක් සහිත ජල ප්‍රමාණයයි.

ආහාර නොමැතිව වැඩි කාලයක් ගත කරන්නට හැකි නමුත් ජලය නොමැතිව අපට ගත කරන්නට හැකි කාලය ඉතා සීමිතය. ශරීරය විජලනය වීම තුළින් මරණය පවා කැඳවීමට හැකි බැවින් ජලය පානය කිරීම ශරීරයේ දැඩි අවශ්‍යතාවයකි.

ශරීරයේ ජල ප්‍රමාණය අඩු වීමෙන් සිරුර විවිධාකාර රෝගාබාධයන්ට ද ගොදුරු වන අතර, මිනිස් දේහයෙහි 55% සිට 78% දක්වා ප්‍රමාණයක් සමන්විත වී තිබෙන්නේ ද ජලයෙනි. දිනකට ලීටර එකේ සිට හතක් දක්වා ප්‍රමාණයක් ජලය පානය කිරීම මිනිස් සිරුරකට අත්‍යවශ්‍ය වන අතර මෙයින් සිරුරේ නිවැරදි දේහ ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නට හැකියාව ලැබේ.

අද අප විසින් විනාශ කර දමන්නේ හෙටට ඉතිරි කර යා යුතු ලෝකයයි. හැකි සෑම මොහොතකම සොබාදහම අපට ලබාදුන් අනගි දායාදය වන ජල සම්පත සුරක්ෂිත කරන්නට අපි වගකීමෙන් කටයුතු කළ යුතු වේ.

Read more

Local News