හෙට කොළඹට පැය 10ක ජල කප්පාදුවක්

Share

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (25) ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය පවසන්නේ ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්තිටුවන බවය.

එසේම එම මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ මහරගම, බොරලැස්ගමුව හා කොළොන්නාව නගරසභා බල ප්‍රදේශවලටත් කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත් රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලටත් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

ඒ අනුව හෙට උදෑසන 11 සිට රාත්‍රී 9 දක්වා පැය 10ක කාලයක් එම ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

Read more

Local News