මැයි මස 23 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන තෙක් විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති නොපැවැත්විය යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම කාලය තුළ විභාග අපේක්ෂකයන් සඳහා විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ, වැඩමුළු නොපැවැත්විය යුතු බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.




