ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වෙයි

Share

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (18) පෙරවරුවේ සිය නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසුවේය.

1936 වසරේ අප්‍රේල් මස 10වන දින උපත ලැබූ ක්‍රිස්ටෝපර් පෝල් මියයන විට 87වන වියේ පසුවුණි.

ක්‍රිස්ටෝපර් පෝල් ගැයූ පළමු ගීතය වූයේ සරත් විමලවීරයන් රචනා කළ, ලයනල් පෙරේරා විසින් සංගීතවත් කළ “පේනා විල මැද ඕලු මලේ” ගීතයයි.

Read more

Local News