27% ක ප්රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමේ හැකියාවක් පවතින බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක අවධාරණය කරනවා.
එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය නිවැරැදි වියදම් දත්ත වසන්කරමින් 3% කින් පමණක් ගාස්තු අඩුකිරීම සදහා යෝජනා ඉදිරිපත් කර තිබේ.
සැබෑ පිරිවැය අඩුවීමට සාපේක්ෂව විදුලි ගාස්තු අඩුකිරීම සදහා නිවැරැදි දත්ත ඉදිරිපත්කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට දන්වා යවා ඇති බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්රකාශ කළේය.



