අපේ රටේ රජයේ ආයතනයකින් වැඩක් කර ගන්න ගියාම තැරැව්කරුවෝ වැහි වැහැලා.
එහෙම නැත්නම් අල්ලස් විදියට කීයක් හරි දෙන්න වෙනවා.
පාස්පෝට් කන්තෝරුව වටේ කැරකෙන තැරැව්කරුවන් ගැන අපි ඊයේ සියත ප්‍රවෘත්ති ඔස්සේ තොරතුරු අනාවරණය කළා.
එහි ප්‍රතිඵලයක් ලෙස හොර පාරෙන් පාස්පෝට් හදපු තැරැව්කරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.



