දොඩංගොඩ පවුල් සෞඛ්‍ය සේවිකාවක මිය යාමේ සිද්ධියට ඇයගේ පවුලේ ඥාතීන් කළුතර නාගොඩ රෝහලට චෝදනා එල්ල කරනවා.
කළුතර නාගොඩ රෝහලේ සිදුකළ සැත්කමකින් අනතුරුවයි ඇය මියගොස් ඇත්තේ.
කළුතර ශික්ෂණ රෝහලේ සිදුකළ සැත්කමකින් පසු කාන්තාවක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන තොරතුරක් කළුතර දොඩංගොඩින් වාර්තා වුණා.
මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි කළුතර දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි පවුල් සෞඛ්‍ය සේවිකාවක් බවයි වාර්තා වන්නේ.
උදරයේ අබාධයක් නිසා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කල 53 හැවිරිදි නිල්මිණිට විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු සැත්කමක් සිදුකර තිබුණා.
රෝහලේ ක්‍රියාකලාපය නිසා මෙම රෝගියාව ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට නිල්මිණිගේ පවුලේ ඥාතීන්ට අවශ්‍යව තිබුණත් ඊට නිසි සහය ලැබුණේ නැති බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
කෙසේ නමුත් ඇය රාගම රෝහලේදී ජිවිතක්ෂයට පත්ව තිබුණා.



