රණවිරු සැමරුමට සමගාමීව යුද සහ නාවික නිලධාරීන්ට උසස්වීම්

Share

ජාතික රණවිරු සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම උසස්වීම් සිදුකර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 402ක් සහ සෙසු නිලයන් 3348ක් ඔවුන්ගේ ඊළඟ නිලය දක්වා උසස්වීම් ලබාදී ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 1731 දෙනෙකුටද මෙලෙස උසස්වීම් ලබාදී තිබේ.

Read more

Local News