සිංගප්පූරුවේ මහල් නිවාසයකින් වැටී මියගිය ශ්‍රී ලංකික ගෘහ සේවිකාව පිළිබඳ කඩිනම් විමර්ශනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබා දුන් බව එම කාර්යාංශයේ සභාපති ඒ ඒ එම් හිල්මි අසීස් පවසයි.
මෙම ඛේදනීය සිදුවීම දැනගත් වහාම ඒ පිළිබඳව සොයා බැලූ බවත් නදීකා දිල්හානි ප්‍රනාන්දු නමැති මියගොස් ඇති කාන්තාව ගේ මෘත දේහය මෙරටට ගෙන්විම සඳහා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සමග අවශ්‍ය කටයුතු සිදුකර දේහය 2023/05/20 දින ගෙන්වීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා.
පසුගිය වසරේ නොවැම්බර් 18 වන දින කාර්යාංශයේ ලියාපදිංචිය ලබා එම සේවක මහත්මිය විදේශගතව ඇති නමුත් විදේශගත වූ පසු ඇයගේ සේවා ස්ථානයේ ගැටළු පවතින බවට කාර්යාංශයට හෝ එරට ශ්‍රී ලංකා තනාපති කාර්යාලය වෙත පැමිණිල්ලක් සිදු කර නොමැති බවත් කාර්යාංශය ප්‍රකාශ කරයි.
කෙසේ වුවද වාර්තා වී ඇති තොරතුරු පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් සිදුකර මේ පිලිබඳව අවශ්‍ය පියවර ගනුලබන බව කාර්යාංශය දැනුම් දෙයි .



