උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන මාසයේදී අවසන් කරන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
මේ වන විට විෂයන් හැට තුනෙහිම ලකුණු පටිපාටිය සකස් කර අවසන් කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් නිවාඩු ලබා දෙන කාල සීමාවද එම ඇඟයීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන් යොදා ගැනීමට බලාපොරොත්තු වන බවත්, විභාගය අවසන් වීමත් සමඟ එහි උත්තර පත්‍ර සමීක්ෂණයද ආරම්භ කරන බව ප්‍රකාශ කළේය.