ගුවන් ගමන් ප්‍රමාදයෙන් 48 කට කොරියාවේ රැකියා අහිමි වෙයි

Share

ගුවන් ගමන් ප්‍රමාදයක් හේතුවෙන් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් යාමට සිටි 48 දෙනෙකුට විදේශගත වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

තාක්ෂණික දෝෂයක් නිසා මෙම ගුවන් ගමන් ප්‍රමාදය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස ජුනි 05 වනදා යළි කොරියාවට යැවීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා පැවසුවේ.

Read more

Local News