ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දු ඕවර 22.2කදී සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 116කි.
ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු ප්‍රමාණය එක කඩුල්ලක් පමණක් දැවී පන්දු ඕවර 16කදී ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
තරගය හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.