බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය

Share

බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය 73වන වරටත් අගෝස්තු 02 වනදා සිට 20වනදා දක්වා උත්කර්ෂවත්ව පැවැත්වීමට නියමිතයි.

එම පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

පූජ්‍ය බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ මගපෙන්වීම හා අනුශාසනා පරිදී බෙල්ලන්විල ඇසළ පෙරහර කමිටුව විසින් පූජෝත්සවයේ සංවිධාන කටයුතු සිදු කරනු ලබන අතර ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (28) පැවැත්වුණා.

පෙරහර මංගල්‍ය සඳහා වාර්ෂිකව දායකත්වය ලබා දෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල සම්පත් දායකත්වය මෙවර ද ලබා ගනිමින් පුණ්‍යෝත්සවයේ කටයුතු සාර්ථක කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

Read more

Local News