අවසන් මහා තරගයත් ‘ශ්‍රී ලංකාව’ ජයගත් අයුරු (PHOTOS )

Share

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරග වටයේ අවසන් තරගයත් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (09) සමත් වුණා.

ඒ ලකුණු 128කින් නෙදර්ලන්තය පරාජය කරමින්.

එහිදී කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර පන්දුවාර 47යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 233ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල අර්ධ ශතකය වාර්තා කිරීම‍ට සහන් ආරච්චිගේ සමත් වූ අතර ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 57ක්.

කුසල් මෙන්ඩිස් ලකුණු 43ක්, පැතුම් නිස්සංක ලකුණු 23ක් සහ චරිත් අසලංක ලකුණු 36ක් මෙහිදී ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 105ක් පමණයි.

Read more

Local News