දෙහිවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 10 ක් සන්තකයේ තබාගෙන සිටී සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 53 ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දින 07 ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.



